පිරිත් පැන්වල බලයක් තිබේ ද? නැද් ද? පිරිත් පැන් ගැන ඔබ නොදන්නා විශ්මිත රහස් ගොන්න මෙන්න
පිරිත් දේශනාවකින් පසු සියලු සැදැහැවතුන් වෙත පිරින් පැන් බෙදා දීම අනිවාර්යයෙන් ම සිදුවන්නකි. ථෙරවාදී, මහායාන හෝ වජ්රයාන භේදයකින් තොරව සෑම බෞද්ධ රටකම සෑම බෞද්ධ ප්‍රජාවක් තුළ ම මේ චාරිත්‍රය පවතියි. පිරිත් පැන් තුළ රෝග සමනය කරන ශක්තියක් ඇතැයි ද එමගින් අපේ ගත මෙන් ම සිත ද සුවපත් වෙතැයි ද බෞද්ධයෝ විශ්වාස කරති.
එහෙයින් ආශීර්වාදාත්මක ගාථාවක් සජ්ක්ධායනය කරමින් දෑතට යොමු කෙරෙන පිරිත් පැනින් උගුරක් පානය කොට ඉතිරිය මුහුණේත් හිසෙහිත් තවරා ගන්නේ ඉමහත් බැති සිතිනි.අලුත් නිවසක පදිංචි වන විට පිරිත් පැන් ඉස ආසිරි සලසා ගන්නා අතර අලුත් දිවියක් පවුලට එක් වන සුබ නිමිති ආ දා පටන් පිරිත්පැන් නිතර නිතර ගැබිණි ලඳුනට ලැබේ.
බිළිඳා උපදින්නට ලං වත් ම අංගුලිමාල පිරිත කියවා පිරිත් පැන් ලබා දෙන්නේ එමගින් ඇය ට පහසුවක් මෙන් ම රැකවරණයක් ද සැලසෙතියි විශ්වාස කරමිනි. මේ පොදු විශ්වාසය හුදෙක් සාම්ප්‍රදායික වූත් විද්‍යාත්මක සත්‍යයකින් තොර වූත් අභිචාර විධියකට වැඩි යමක් නොවන බවත් සිතන්නෝ එමගින් ලැබෙන්නේ මානසික දිරිමත් කිරීමක් පමණක් බවත් සිතන්නෝ බොහෝ වෙති.
ජල බඳුනක් ඉදිරියේ තබා ගෙන පිරිත් සජ්ක්ධායනය කළ පමණින් ජලයට මෙවන් ආශීර්වාදාත්මක ශක්තියක් කැවෙන්නට හැකි ද?
ෆූජිවරා වේල්ලේ ජලය
පිරිත් දේශනයට පෙර පිරිත් දේශනයට පසු
ෆූජිවරා වේල්ලේ ජලය
පිරිත් දේශනයට පෙර පිරිත් දේශනයට පසු
අජීව වස්තුවක් වන ජලයට පිරිත්දේශනාවේ ආශීර්වාද ශක්තිය ශරීරය පුරා ගෙන යන්නට ඇති හැකියාව කුමක් ද? එවැන්නක් ඇතැයි සිතුම බොළඳ මිථ්‍යා විශ්වාසයකැයි සිතන්නෝ අපට නිතර හමු වෙති.
ජලය ආශීර්වාද වාහකයක් ලෙස සිතන්නෝ බෞද්ධයෝ පමණක් නොවෙති. කිතුනුවන් බෞතීස්ම ලබන්නේ ද ජලයෙනි. හින්දූහු ගංගා නම් නදියෙහි ජලය අති පරිශුද්ධ වූ සියලු පාපයන් සෝදා හරින පවිත්‍ර කාරක බලයකින් සමන්විත වූවක් ලෙස අදහති. ඉස්ලාම් භක්තිකයෝ දේවස්ථානයට පිවිසෙන්නට පෙර ජලයෙන් පිරිසුදු වෙති.
ජලය හා සම්බන්ධ වතාවත් හැම ආගමක ම පාහේ දක්නා ලැබේ. මන්ත්‍ර ගුරුකම් කරන්නන් අතර එම විශ්වාස බහුලය. ශ්‍රී දළදා පෙරහර නිම කරනු ලබන්නේ ද දිය කැපීමේ චාරිත්රයෙනි. විවාහ චාරිත්‍ර අතර උපරිමය වූ අත පැන් වත්කිරීම ජලය සාක්ෂියට තබා ගැනීමකි. යමක් සසුනට පිදීමෙහි දීද මේ සිරිත අනුගමනය කෙරෙයි. මේ සියලු චාරිත්‍ර හුදෙක් අමනකම් සේ සැලකිය හැකි ද?
විද්‍යාත්මක ලෙස විවරණය කළ නොහැකි දේ පසු පස ඇත්තේ හුදු මානසික වූත් ස්වයං යෝජනාවකට එහා නොවිහිදෙන්නා වූත් විශ්වාස මාත්‍රයක් පමණක් සේ හඳුන්වමින් මේ සියල්ල ලඝු කොට තැකීම පහසු ය. එතකුදු වුවත් විද්‍යාව දිනෙන් දින තම විෂය ක්ෂේත්රය පුළුල් කරමින් මෙතුවක් කල් හුදු ජන විශ්වාස පමණක් සේ සිතූ දේ පිළිබඳව ද පරීක්ෂණ කරන බව නොරහසකි. නිදසුනක් ලෙස වෘක්ෂ – ලතාවනට මිනිස් කටහඬ දැනෙන අයුරු පිළිබඳව පවත්වා ඇති පර්යේෂණ දැක්විය හැකිය. සංගීත නාදරටා මෙන් ම පිරිත් ශබ්ද රටාවනට වෘක්ෂ ලතා ප්‍රතිචාර දක්වන බව සනාථ කර ඇත.
ඒ අයුරින් ම ජලයට ද අප ගේ සජ්ක්ධායනා, යාතිකා සහ ආසිරි පැතුම් දැනෙනවා විය නොහැකි ද? ජලයට ‘දැනෙන’ සහ ‘මතක හිටින’ ශක්තියක් ඇතැයි සිතුමට අනුබල දෙන පර්යේෂණයක් 1990 දී ප්‍රංශ විද්‍යාඥයකු වූ ජැක්විස් බෙන්වෙනිස්තේ විසින් කරන ලදී. විවිධ පදාර්ථයන්හි අංශු තම භෞතික සහ ශක්ති පිළිබඳ තොරතුරු වෙනත් අංශූන් වෙත සංවහනය සඳහා ජලය උපයෝගී කරගන්නා බව හෙතෙම හෙළි කළේය. වෙනත් වචන වලින් කියතොක් ද්‍රව්‍ය ලෝකයේ පණිවිඩ කාරයා ජලය ය
විද්‍යාඥයන් නොවන අය ඉවෙන් මෙන් දැන සිටි කරුණක් පිළිබඳව ඔහු පළ කළ මේ මතය විද්‍යාඥයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කළේය. නොබෙල් ත්යාගලාභීනට සම තත්ත්වයේ අග්‍රගණ්‍ය විද්‍යාඥයකු වූ ඔහුට මේ අදහස නිසා ඇතැමුන් ගේ් ගැරහුම් වලට ලක් වීමට පවා සිදු විය. කෙසේ වුවද ජලයට මෙවන් අද්භූත ශක්තියක් ඇතැයි හෝමියෝපති වෛද්‍ය ශාස්ත්‍රයෙන් ද සනාථ වෙයි. හෝමියෝපති ප්‍රතිකර්ම සඳහා ඖෂධ යොදා ගැනෙන්නේ ඖෂධයේ ශක්තිය ශීඝ්‍ර භ්‍රමණ – චලන මගින් (වේගවත් කරකැවීම් මගින්) ජලයට කවා ගැනීමෙනි. රෝගියාට ලැබෙන්නේ ජලය විසින් සංවහනය කරනු ලැබූ ශක්තිය මිස දළ ඖෂධ ය නොවේ. හෝමියෝපති ඖෂධ කිසි කලෙක රෝගියකුට විෂ නොවන්නේ එහෙයිනි. මල්වල සුවඳ හා සාරය ජලයට උකහා ගැනෙන අයුරු පොදු ජනයා අත්දැකීමෙන් දන්නා දෙයකි.
මෑතකදී ජපන් ජාතික වෛද්‍යවරයකු වූ මසුරෝ එමොතෝ මේ විෂයෙහි ඉතා වැදගත් ඡායාරූප පෙළක් විද්‍යාඥයන් හමුවේ ඉදිරිපත් කර ඇත. ජලයෙන් පණිවිඩ නම් ග්‍රන්ථයෙන් මේ ඡායාරූප ප්‍රකාශයට පත් කර ඇත.
No comments:
Post a Comment